පුඩළුඔය පොලිස් වසමට අයත් සීන් වත්තේ වතු නිවාස 24ක් ගිනිගෙන විනාශ වි ඇති බව පුඩළුඔය පොලිසිය පැවසිය.

මෙම ගින්න (16) දින රාත්‍රි 8 පමණ එක් නිවසික් හටගෙන ඇති බවත්, පසුව ගින්න සෙසු නිවාස වලට සිඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බවයි පොලිස් නිලධාරියෙකු කියා සිටියේ.

පැතිර ගිය ගින්න වතු කම්කරුවන් සහ පුඩළුඔය පොලිසියේ නිලධාරින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පලානය කිරිමට සමත් වි ඇත.

ගින්නෙන් කිසිවෙකුට තුවාල සිදු වි නොමැති අතර, ගින්නෙන් පවුල් 24 කට අයත් සමාජිකයන් 70 කට ආසන්න පිරිසක් එම වතුයායේ ආරක්ෂිත ස්ථානයක තාවකාලිකව නතර කර ඇති අතර, ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදිමට වතු පාලන අධිකාරිය මේ වන විට පියවර ගෙන ඇත.

ගින්නෙන් වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය විනාශ වි ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.

ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, ගින්න පිලිබදව පුඩළුඔය පොලිසිය පරික්ෂණ පවත්වයි.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here