වතු සේවකයින්ගේ දෛනික වැටුප ලෙස රුපියල් 1,700ක් ලබාදීමේ තීරණය අද (12) පඩි පාලක සභාවේ දී සම්මත වී තිබෙනවා.
වතු කම් කරුවන්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් අද (12) පඩි පාලක සභාව කැඳවා ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරන බවත් එම තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය නම් විශේෂ නීති ගෙන ඒමට ද තමන් සූදානම් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මින් පෙර ප්‍රකාශ කළා.
ඒ අනුව, වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මෙහිදී ඡන්ද විමසීමක් ද පවත්වා ඇති බව වාර්තා වෙනවා.
ජල සම්පාදන හා වැවිලි යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසුවේ, වැටුප් වැඩි කිරීමට පක්ෂව 14 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, වතු සමාගම් තුනක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.
ඒ අනුව වතු සේවකයින් සඳහා දෛනික මූලික වැටුප ලෙස රුපියල් 1,350ක් සහ පැමිණීමේ ප්‍රවර්ධන විශේෂ දීමනාව ලෙස රුපියල් 350ක් ලබාදීමට එකඟතාවකට පැමිණ තිබෙනවා.