ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා එම පක්ෂයෙන් සහ තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු දැනුම් දී ඇත්තේ පක්ෂයේ ඉදිරි දේශපාලන ගමන වෙනුවෙන් සමකාලීන ඇතැම් පුද්ගලයින් දක්වන අකමැත්ත සහ පසුගාමී බව මෙම තීරණයට වැඩි දායකත්වයක් සැපයූ බවයි.

තමාගේ දේශපාලන අරමුණු සඳහා නොනැවතී ගමන් කළ යුතු අතර  ඒ සඳහා සුදුසු බිමක් සොයා ගැනීමට අවශ්‍ය බවත් ඒ අනුව  තමා එම පක්ෂයේ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින් බැහැර වන බවත් නිරෝෂන් ප්‍රේමරත්න මහතා තවදුරටත් දැනුම් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here