2024 සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් පිළිබඳ විස්තර මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව වැඩිම තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රමාණයක් ලැබී තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්.
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයින් 712,319 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.