පවුලේ වත්මන් අවශ්‍යතා සපුරාලීමට වඩාත් සුදුසු කවුරුන්ද යන්න විමසමින් දීපව්‍යාප්තව පවත්වන ලද සමීක්ෂණයකදී නැගු පැනයට එම හැකියාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පවත්නා බව සියයට 24යි දශම 3ක ප්‍රතිශතයක් පවසා තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට, එම හැකියාව පවතින බව සදහන් කර ඇත්තේ, සියයට 19යි දශම 3ක ප්‍රතිශතයක් පමණයි.

2024 ජූලි මස පළමුවනදා සිට 12 වනදා දක්වා කාලය තුළ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමික්ෂණ පර්යේෂණ අංශය වන ෂෝෂල් ඉන්ඩිකේටර්,  ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබද විශ්වාසය සම්බන්ධයෙන්, සිදුකරන ලද සමීක්ෂණයකදී මෙම තොරතුරු හෙළි වී ඇත්තේ.

අනුර කුමාර දිසානායක මහතාට පවුලේ වත්මන් අවශ්‍යතා සපුරාලීමට හැකියාව පවතින බව කියා ඇති ප්‍රතිශතය 15.5%ක්. 28.8% දෙනෙකු කිසිවෙකු ඊට සමත් නොවන බව එහිදි සදහන් කර තිබෙන අතර 12.1%ක ප්‍රතිශතයක් ප්‍රතිචාර ලෙස දක්වා ඇත්තේ තමන් එය නොදන්නා බවයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ පර්යේෂණ අංශය  ඉදිරි ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට හා තම ඡන්දය ප්‍රකාශ කරන්නේ කවුරුන්ට ද යන්න තීරණය කර තිබේ ද යන පැනය ද මෙම සමීක්ෂණයේ දී ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී 81.7%ක ප්‍රතිශතයක් එම තීරණය ගෙන ඇති බවයි සදහන් කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here