දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවති පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ තරගාවලි ජයක් වාර්තා කිරීමට සත්කාර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
ඒ ඊයේ (27) පැවති අවසන් විස්සයි විස්ස තරගයත් දකුණු අප්‍රිකාවට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායය යටතේ කඩුලු 08කින් ජය ගැනීමටත් සමඟයි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම පළමුව පන්දු යැවීම තෝරාගත් අතර අයහපත් වර්ෂාපතනය හේතුවෙන් තරගය පන්දුවාර 13කට පමණක් සීමා වුණා.
ඒ අනුව දකුණු අප්‍රිකාව පන්දුවාර 13 අවසානයේ දී කඩුලු 04ක් දැවී ලකුණු 108ක් ලබාගත්තා.
ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 09කුත් පන්දු දෙකක් තුලදී කඩුළු දෙකක් පමණක් දැවී අදාල ඉලක්කය සපුරා ගත්තා.