රුවල් යාත්‍රාවක් පෙරළීයාමෙන් ඉතාලියේ අනතුරක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇති යාත්‍රාවේ ශ්‍රී ලංකා, බ්‍රිතාන්‍යය, අයර්ලන්ත සහ නවසීලන්ත ජාතිකයින් පිරිසක් සිට ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

ඉතාලියේ සිසිලි දූපතට ආසන්න වෙරළතීරයේදී දැඩි සුළඟකට හසුවීමත් සමග යාත්‍රාව පෙරළීගොස් ඇත බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

අනතුරත් සමග එහි ළඟා වී තිබූ මුදාගැනීමේ කණ්ඩායම් විසින් පුද්ගලයින් 15 දෙනෙකු බේරාගැනීමට සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත් යාත්‍රාවේ මගීන් 22 කට ආසන්න පිරිසක් සිට ඇති බවත් 7 දෙනෙකු අතුරුදන්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here