දැයේ දරුවන්ගේ සුහුරු අධ්‍යාපන කුසලතා බලගැන්වීමේ අරමුණින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ සංකල්පයක් අනුව දියත් කළ ‘සක්වළ´ සුහුරු පන්ති කාමර සංකල්පය දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වන අතර, මේ වන විට සුහුරු පන්ති කාමර 100කට අධික ප්‍රමාණයක් ජාතියේ දුවා දරුවන් වෙනුවෙන් ලබා දීමට කටයුතු කර ඇත.

යුග පෙරළියක් වෙනුවෙන් රුහුණු ජනහඬ අවදි කළ තරුණ ජනතා නායකයෙකු වන, වැලිගම ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රමගේ පූර්ණ අධීක්ෂණය හා අනුග්‍රාහකත්වය යටතේ වැලිගම ආසනයේ ‘සක්වළ´ ව්‍යාපෘතිය දියත් කෙරුණු අතර මෙහි ඇති විශේෂත්වය නම්, දින 8ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ වැලිගම ආසනයේ මධ්‍ය විදුහල් 17 සඳහා ම ‘සක්වළ’ සුහුරු පන්ති කාමර ලබා දීමට හැකි වීමයි. එපමණක් නොව, ආසනයක් තුළ සෑම මධ්‍ය විදුහලක් සඳහාම සක්වළ සුහුරු පන්ති කාමරයක් හිමි එකම ආසනය ද වැලිගම වීමත් විශේෂත්වයකි.

මෙලෙස බෙදා දෙනු ලැබූ එක් සුහුරු පන්ති කාමරයක වටිනාකම රු. මිලියන 1.3කි.

යුග පෙරළියක් උදෙසා රටේ අධ්‍යාපනය සවිබල ගැන්වීම ජාතික වගකීමක් ලෙසින් දකින රෙහාන් ජයවික්‍රම, මාතර දිස්ත්‍රික්කය තුළ තවත් සුවිශේෂී ව්‍යාපෘති රැසකට මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here