හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුර සඳහා පත්කෙරෙන දෙදෙනා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව මනූෂ නානායක්කාරගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා මනාප ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්වූ බන්දුලාල් බණ්ඩාරිගොඩ පත් කිරිමට තීරණය කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

හරීන් ප්‍රනාන්දු ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කර ගත් අයෙකු වන බැවින්, පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා කළමනාකරණ මණ්ඩලය එක්ව එම මන්ත්‍රී ධුරයට පත්වෙන පුද්ගලයා ගැන තීරණයක් ගන්නා බවයි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here