ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාට සියයට පණහක ඡන්ද ප්‍රතිශතයක් මේ වන විටත් තහවුරු වී අවසන් බව සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.

සමීක්ෂණ වලින් මේ බව තහවුරු කර ඇති බවයි ඔහු පවසන්නේ.

ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ප්‍රතිශතය බොහෝ දුරට සියයට පනහෙන් එපිට සියයට පනස් පහ, පනස් හය දක්වා ඉහළ යා හැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ජනාධිපතිවරණයේ අනෙක් අපේක්ෂකයන් අතර ඇත්තේ ඉතිරි ඡන්ද ප්‍රතිශතය බෙදා ගැනීමේ සටනක් පමණක් බව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කියනවා.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන් වසර දෙකකින් දමා යන්නට නොව වාර දෙකක් ජනාධිපති ධුරය දැරීමට බවයි ඔහු පවසන්නේ.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here