මීගලෑව පොලිස් වසමේ සියඹලාංගමුව ජලාශයේ දිය නෑමට ගිය තරුණයකු දියේ ගිලී අතුරුදහන් වී ඇති බවට මීගලෑව පොලිසියට ලද පණිවිඩයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 21 ක් වන මීගලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මීගලෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මිනුවන්ගොඩ දමිත් තිසර