සීදුව පොලිස් වසමේ කොටුගොඩ පොලිස් මාර්ග බාධකයේ දී අද (08) මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේ දී පුද්ගලයෙකු විසින් පොලිස් සැරයන්වරයාගේ ගිනිඅවිය උදුරාගැනීමට උත්සාහ කිරිමේදි වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
සීදුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සීදුව දෙස සිට පැමිණි මෝටර් රථයක් එලෙස පරීක්ෂා කිරීමට උත්සාහ කිරිමට යාමේදි මෙම සිදුවිම සිදුවි තිබෙන බව පැවසෙනවා.
මෝටර් රථයේ වම්පස අසුනේ සිටි පුද්ගලයෙකු විසින් පොලිස් සැරයන්වරයාගේ රාජකාරි ගිනිඅවිය උදුරාගැනීමට තැත් කිරීම නිසා එම අවිය ක්‍රියාත්මක වී අදාළ නිලධාරියාගේ පාදයකට හා උදුරාගැනීමට උත්සාහ කළ පුද්ගලයාගේ උදරයට වෙඩි වැදී තිබෙන බව අප කළ විමසීමකදී සීදුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දනුෂ්ක බණ්ඩාර මහතා පැවසුවා.
පොලිසිය පැවසුවේ දෙදෙනාම මීගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී මෝටර් රථයේ සිටි 38 හැවිරිදි පූගොඩ පුද්ගලයා මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙන බවයි.
මිනුවන්ගොඩ දමිත් තිසර