දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන්ගේ ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු නොකළ බව පවසමින් එම අංගනයේ සේවකයින් රාජකාරිවලින් ඉවත්ව තිබෙයි.

ඒ හේතුව නිසා දුම්රිය කීපයක් ප්‍රමාදවිය හැකි බවටයි දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.

දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවය කරමින් සිටි මාතර ප්‍රදේශයේ පදිංචි කාර්මික ශිල්පියෙකුට අතුරුදන්ව තිබෙයි.

පසුව කළ සොයා බැලීමේ දී ඔහුගේ බවට සැක කෙරෙන පාවහන් යුගලයක් ධාවනාගාරයේ ළිදක් ආසන්නයේ තිබී හමුවූ බවටයි වාර්තා වෙයි.

කෙසේ වෙතත් දෙමටගොඩ අංගනයේ සේවකයින් පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන්ගේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බවයි.

ඒ හේතුවෙන් රාජකාරිවලින් ඉවත්වීමට ඔවුන් කටයුතු කර තිබෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here