ගුවන් තොටුපළ මාර්ගයේ රිය අනතුරක් වාර්තාකරණයට ගිය මාධ්‍යවේදියාට ඊයේ ගුවන් තොටුපළ අසල ත්‍රීරෝද සංගමේ සාමාජිකයින් විසින් පහරදීමක් සිදුකර ඇත.

පික්මී ආයතනයේ රියදුරෙකු මහතෙක් නයිකන්ද ප්‍රදේශයේ තම ත්‍රී රෝද රථය නවතාගෙන සිටින විටදී ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයේ දොරටුව අංක එක අසල ඇති ගුවන්තොටුපළ අවසර ලත් කුලී රථ ත්‍රී රෝද රථ සංගමයේ සාමාජිකයින් 15ට ආසන්න ප්‍රමාණයක් පැමිණ නයිකන්ද ප්‍රදේශයේ අවට නවතාගෙන සිටින පික්මී රියදුරන් හට රථවාහන පොලිස් නීතිය අතට අරගෙන ඔහුව එම ස්ථානයේන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත එහිදී එම ත්‍රිරෝද රථය පසුපසට ගැනීමේදී අසල තිබූ බස් රථයක එම ත්‍රිරෝද රථය වැදී අනතුරකට පත්ව ඇත.

මෙම සිදුවීම වාර්තාකරණයට ගිය මාධ්‍යවේදියා හට ගුවන්තොටුපළ අවසර ලත් මෙම ත්‍රිරෝද සංගමයේ සාමාජිකයින් විසින් මෙම සිදුවීම වාර්තා නොකරන ලෙසට බලපෑම් සිදුකර ඔහු සතුව තිබූ කැමරාව පැහැර ගැනීමට තැත් කර ඇත.

මෙලෙස ප්‍රදේශයේ සිදුවීම් පිළිබඳ වාර්තාකරණයට යන අප මාධ්‍යවේදීන් හට මෙවැනි ආකාරයේ මැර ප්‍රහාර සිදුවීම තුළින් මාධ්‍ය ක්ෂේත්‍රයේ ඔවුන් හට තම සේවාව ඉටු කිරීමට නොහැකි තත්වයක් පවතින අතර ජාත්‍යන්තර ගුවන් තොටුපළක් අසල මෙවන් මැර පිරිසක් සිටීම ජාත්‍යන්තර වශයෙන් ද අපකීර්තියට පත්විය හැක.

මෙලෙස කලාකාරී ලෙස හැසිරෙන ත්‍රීරෝද රථ රියදුරන් නිසා මෙරටට පැමිණෙන දේශීය සහ විදේශීය මඟින් ද එම ත්‍රී රෝද රථවල ගමන් යෑම ප්‍රතික්ෂේප කරන අතර එම නිසා ඔවුන්ගේ ආරක්ෂාව පිණිස පික්මී සහ ඌබර් යන ආයතන වල සේවාවල් වලට යොමු වී ඇත.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණෙන සහ පිටව යන දේශීය සහ විදේශීය ගුවන් මගීන් වෙත ගමන් පහසුකම් සලසා දෙන පික්මී ආයතනයේ ත්‍රී රෝද රථ රියදුරන් හට නිරන්තරයෙන් සිදුවන අඩත්තේටිටම් වලට ඊයේ (01) රාත්‍රී පික්මී රියදුරන් සියලු දෙනා එකතු වී කටුනායක පොලිස් ස්ථානයට ගොස් තමන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කරන ලදී.

මෙම ත්‍රී රෝද රථ රියදුරන් විසින් පොලිස් ස්ථානයට ගොස් පවසා ඇත්තේ ඔවුන්ට නයිකන්ද ප්‍රදේශයේදී සහ ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තය ඉදිරිපිට දී ගුවන් තොටුපළ අසල පිහිටි මෙම ත්‍රීරෝද රථ සංගමයේ සාමාජිකයින් විසින් නිරන්තරයෙන් සිදු කරන පහරදීම් සහ බලපෑම් සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් කරන ලදී.

එහිදී මෙම රියදුරන් කියා සිටියේ මෙම ගුවන් තොටුපළ අසල සිටින ත්‍රී රෝද රථ සංගමයේ සාමාජිකයින් සමඟ කිසිදු ගැටුමක් ඇති නොකර පික්මී ආයතනය මගින් ලබා දෙන ගමන් වාරය ලබා ගැනීමට එම ස්ථානයට ගොස් මගියාව ආරක්ෂාකාරී ලෙස එම ස්ථානයෙන් රැගෙන යාමට අවස්ථාව ලබා දෙන ලෙසට ඔවුන් පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.

මීට දින කීපයකට පෙරද මෙම ස්ථානයේ පික්මී රියදුරන් කිහිපදෙනෙකුගේ තම රථය නවතා තිබියදී ත්‍රී රෝද රථවල ටෙන් රෙදි කිසියම් ආයුධයකින් කපා පිටුපස වීදුරුවටද හානිකර තිබූ අතර ඔවුන් ද එය ඉවසා දරාගෙන මේ වනතෙක් පික්මී ආයතනයෙන් ලබා දෙන ගමන් වාරය බයෙන් සැකෙන් සහිතව තම සේවාව ලබා ගන්නා මගියාව ඉතා ආරක්ෂාකාරී ලෙස රැගෙන ගොස් ඇත නමුත් අද දින පික්මී රියදුරු මහතෙකුගේ අනතුරක් වාර්තාකරණයට එම ස්ථානයට පැමිණි මාධ්‍යවේදීයාට පහර දීමට තැත් කිරීමත් සම්බන්ධව මෙම පික්මී රියදුරන් නොපමාව මේ සම්බන්ධව ඉදිරිපත් වී හැමදාම මෙලෙස අඩත්තේට්ටම් වලට ලක්වීම සම්බන්ධව කටුනායක පොලිස් ස්ථානයට ගොස් තම පැමිණිලි ඉදිරිපත් කර ඇත.

එහිදී කටුනායක පොලිස් ස්ථානය විසින් ඉතා සුහදව පික්මී රියදුරන් ඉදිරිපත් කර පැමිණිලි භාරගෙන මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවට පවසා නැවත අද දින (02) උදෑසන පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දන්නවා ඔවුන්ව ස්ථානයෙන් පිටත් කර ඇත.

මිනුවන්ගොඩ දමිත් තිසර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here