ඉදිරි ජනාධිපතිවරනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දෙන්නයි රත්නපුරයේ පොහොට්ටු ක්‍රියාකාරීන් ඇමතිනි පවිත්‍රාදේවි වන්නිආරච්චි වෙත දැඩි බලපෑමක් එල්ල වී තිබුණු බව වාර්තා වෙනවා.
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පැල්මඩුවලේ පිහිටි නිවසටම අති විශාල පාක්ෂිකයන් සහ පළාත් පාලන නියෝජිත පිරිසක් පැමිණ ඇති අතර පක්ෂය බෙදී වෙන් නොවී එක්ව කටයුතු කල යුතු බවටද ඔවුන් අති බහුතරගේ අදහස වී තිබෙනවා.