ලංකා ගමනාගමන මණ්ඩලයේ වයස අවුරුදු 40ට වැඩි සේවකයින්ගෙන් වෛද්‍ය වාර්තා ලබාගැනීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.

ඒ යටතේ මාස හතරකට වරක් වෛද්‍ය වාර්තා ලබාගන්නා බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

බස් රථයක් ධාවනය කරන අතරතුර ඇති වූ හදිසි රෝගි තත්ත්වයකින් ලංගම රියදුරෙකු ඊයේ (24) මියගොස් තිබේ.

අදාළ තීරණය ගෙන ඇත්තේ, එම සිදුවීම පදනම් කරගනිමිනි.

ඒ සම්බන්ධයෙන් හෙට (26) සියලු ලංගම සේවකයින් දැනුවත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here