දිවුලපිටිය දුනුගහ හන්දිය ප්‍රදේශයේදී සිදුවූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබෙනවා.
ත්‍රිරෝද රථයක් ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ ගොඩිගමුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30,38 සහ 45 හැවිරිදි වියේ පසුවන තිදෙනෙක්.
ත්‍රිරෝද රථයේ අධික වේගය අනතුරට හේතුවී ඇති බවයි පොලීසිය පවසන්නේ.
ගොඩිගමුව දුනුගහ මාර්ගයෙන් අදාළ ත්‍රිරෝද රථය අධික වේගයෙන් පැමිණ දිවුලපිටිය මීගමුව මාර්ගයට ඇතුල්කිරීමේදී ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ ගැටුණු අයුරු CCTV කැමරාවක මෙලෙස පටිගතව තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් දිවුලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.