ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයට සහය දැක් වු විශාල පිරිසක් මේ වන විට ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග එක් වෙමින් සිටින බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක මහතා පැවසිය.
එස්.බි දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ (01) දින පස්වරුවේ නුවරඑලියේදි මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු එස්.බි දිසානායක මහතා කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් 95% ක් පමණ මේ වන විට ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග එක් වි ඇති බවත්, ඉදිරි දින කිහිපය තුල අනෙකුත් පක්ෂ වල ආධාරකරුවන් විශාල පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්විමට නියමිත බැවින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අති සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
(හැටන් රංජිත් රාජපක්ෂ)