මෙවර චන්දයෙන් අනුරට සිංහල චන්දයෙන් 66% ගත හැකි ද?

එසේ නොවන්නේ නම් ජනාධිපතිවරනයෙන් ජනාධිපති තෝරා ගනු ලබනු ඇත්තේ දෙවන මනාපයෙන්ද?

ජනාධිපතිවරනයේ ප්‍රතිපලය තීරනය කිරීමේ විශ්ලේශන හා ප්‍රවනතා අපට ආකාර 3 කට ගෙනහැර දැක්විය හැකිව තිබේ.

1. ඉන් පලමු වැන්න චන්දය ලබා දෙනු ලබන භුගොලීය (geography)පදනමිනි. එනම් දිස්ත්‍රික්කය පදනම් කරගනිමිනි.

2. දෙවැන්න ජනවිකාෂනය (demography) තුලිනි. එනම් ස්ත්‍රී-පුරුෂ භාවය හා ජනවර්ග පදනමිනි.

3. තුනවැන්න වන්නේ මනෝ විද්‍යාව (psychography) පදනම් කර ගනිමිනි. එනම් පරම්පරාවන්ට අනුව සිතන පතන ආකාරය පදනම් කර ගනිමිනි.

ඉහත ප්‍රවිශ්ඨයන් අසුරින් වර්ථමාන චන්දය දෙස බලන කල අපට ඒ ඒ අපේක්ෂකයා වෙත ඉදිරි සති 03 තුල තෙරපීමක් ඇති කරනු ලබන අභියෝග ගනනාවක් හදුනාගත හැකිව තිබේ.

භුගෝලියව බැලු කල කොළඹ-ගම්පහ-කුරුනෑගල දිස්ත්‍රික්ක 03 වැඩිම සිංහල චන්ද පවතින දිස්ත්‍රික්ක තුන වන්නේය. එසේම දකුනද සිංහල චන්ද සදහා වැදගත් වන්නේය. එසේම කොළඹ-කළුතර -ගම්පහ-පුත්තලම හා කුරුනැගල දිස්ත්‍රික්ක පුරා විහිද යන කතෝලික/ක්‍රිස්තියානි ජනතාව ද මෙම චන්දයේදී තිරනාත්මක වන්නේය. ඉන් අනතුරුව වැදගත් වන්නේ උතුරු නැගෙනහිර ජීවත්වන දෙමල හා මුස්ලිම් ජනතාවයි.

මෙවර චන්දයෙදි කල්පිතයක් ලෙස ගත්කල;

බෞද්ධ චන්ද ප්‍රමානය 11,961,403 කි.
හින්දු චන්ද දායකයන් 2,146,568 කි.
මුස්ලිම් දන්ද දායකයන්1,648,319 කි.
කතෝලික/ක්‍රිස්තියානි චන්ද දායකයන් 1,300,227 කි.

එම ලියා පදිංචි චන්ද දායකයන්ගෙන් 80% චන්දය භාවිතා කරන්නේ යයි උපකල්පනය කරන කලහි පලමු වටයෙන් ජයග්‍රහනය කිරිමට නම් ලබා ගතයුතු චන්ද ප්‍රමානය වන්නේ;

සිංහල (බෞද්ධ) චන්දයෙන් පමනක් නම් එය 6,825,338 ක් වන්නේය. එම චන්දය සමස්ත සිංහල චන්දදායකයාගෙන් 66.75 % ක් වන්නේය.

සිංහල චන්දයෙන් 50% ක් එනම් 4,785,247 ක් යම් අපේක්ෂකයකු ලබා ගන්නේ නම් පලමු වටයෙන් ජයග්‍රහනය කිරීමට අවම වශයෙන් දෙමල-මුස්ලිම්-කතෝලික/ක්‍රිස්තියානි චන්ද දායකයන් 50% ක් එම අපේක්ෂකයාට ලබා ගත යුතු අතර එම චන්ද සංඛ්‍යාව 2,040,091 කි.

සංඛ්‍යාත්මක ගනන් සැදීම, භුගොලීය යතාර්තයට හාමුසු කලවිට, සිංහල චන්ද ඉහලින් ලබා ගැනීමට නම් කොළඹ-ගම්පහ-කුරුනෑගල දිස්ත්‍රික්යන්හි ඒ ඒ අපේක්ෂකයා ලබා ගන්නා චන්ද ප්‍රමානය වැදගත් වන්නේය.

පලමු වටයෙදීම ජයග්‍රහනය කිරීමට නම් ජයග්‍රාහී අපේක්ෂකයා මෙම දිස්ත්‍රික්ක තුන ඉහලින්ම ජයග්‍රහනය කල යුතුව තිබේ.

දැනට පෙනෙන තත්වය නම් කොළඹ දිස්ත්‍රික්කය තුල නගරය සජබය ජයගන්නාවිට කැළනි වැලි කලාපය ඉහලින්ම ජයගන්නේ මාලිමාවයි. නමුත් දිස්ත්‍රික්කයේ සමස්ත වාසිය මාලිමාවට ලැබෙමින් තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ සිංහල ආසන සමස්තය මාලිමාවට හිමිවන කල කතෝලික කලාපයේ කරට කර සටනක් සජබය හා මාලිමාව අතර පවතී. නමුත් දිස්ත්‍රික්කයක් ලෙස සමස්ත වාසිය මාලිමාව ලබා ගනිමින් සිටී. කුරුනෑගල දිස්ත්‍රික්කය තුල කරට කර සටනක් මාලිමාව හා සජබය අතර පවතී. එහි ප්‍රතිපලය තීරනය වන්නේ අවසාන සතිය තුලදීය. දකුනු පලාත සමස්තයක් ලෙසටම මාලිමාවට පක්ෂව චන්දය භාවිතා කිරීමේ ප්‍රවනතාවයක් පවතී. දකුනු පලාත තුල පවතින සුවිශේෂී ලක්ෂනය නම් සජබය හා මාලිමාව අතර චන්ද පරතරය ඉතා විශාල වීමයි.

මෙම පරතරය අවසාන ප්‍රතිපලය සදහා දැඩිව බලපාන්නේය.

වර්තමානයේදී පෙන්වන චන්ද දායක ප්‍රවනතාවය ජාත්‍යන්තර සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් 2024 පෙබරවාරි මස එලිදක්වන ලද සංඝණන ප්‍රතිපලයට සමානය. එනම් අනුරට ඇති කැමැත්ත 53% ලෙසත් සජිත්ට ඇති කැමැත්ත 34% ලෙසටත්ය.

නමුත් එම ආයතනයම 2024 ජුනි මස එලිදැක්වු ප්‍රවනතාවය දෙස බලන කල අනුරට 30% සජිත්ට 43% යන්න අතිශෝක්තියක් විය හැකිව තිබේ.

මීලගට අප සොයා බැලිය යුත්තේ උතුරේ චන්ද දායකයා සිය චන්දය කුමන ආකාරයකට චන්දය භාවිතා කරනු ඇතිද යන්නයි.

ඒ සදහා වැදගත් වන සංඝණනයක් උතුරේ රුපවාහිනී ආයතනයක් සිදු කොට තිබේ. එම සංඝණනයට අනුව දෙමල ජනතාවගෙන් 75% චන්දය ලබා දෙනු ඇත්තේ රනිල්ටය. ඉතිරිය දෙමල අපේක්ෂකයා සහ සජිත් අතර බෙදී යන බව එම සමීක්ෂණය පෙන්නුම් කොට තිබේ. මෙම සමීක්ෂනය තුල පෙන්වන සුවිශේශි කරුන වන්නේ එම දෙමල ජනතාව අතරින් බහුතරයේ දෙවන මනාපය රනිල්ට හිමි වීමයි.

මුස්ලිම් හා වතුකර චන්දය තවදුරටත් ගෙඩි පිටින් එක අපේක්ෂකයකු වෙත ලබා දීම් ප්‍රවනතාවය මෙවර ඛන්ඩනය වන බවක් පෙන්නුම් කරමින් තිබේ.

කොළඹ නගරයේ බහුතරය සජබය වෙත නැමෙන්නේ වුවද සැලකිය යුතු චන්ද ප්‍රමානයක් අනුර හා රනිල් වෙත ලබා දෙන බව පෙන්නුම් කරයි.

නැගෙනහිර පලාතේ මුස්ලිම් චන්දයේ වැඩි වාසිය රනිල් වෙත හිමිව තිබේ. වන්නියේ මුස්ලිම් චන්ද රිශාඩ් හරහා සජිත්ටද එසේ නොමැති නම් රනිල්ටද යන්න තීරනය කිරීමට 21 දා දක්වා බලා සිටිය යුතුව තිබේ. කදුකරයේ දෙමල චන්දය නිසැකවම දෙකට බෙදී සජිත්ට සහ රනිල්ට හිමි වනු ඇත.

මෙම සමස්ත ප්‍රවනතාවය දෙස බලන කල පෙනී යන්නේ සජිත්ට 2019 ජනාධිපති වරනයෙන් සුළු ජාතික චන්ද දායකයන් හරහා ලැබු වාසිය මෙවර ලබා ගැනීමට ඇති ඉඩ කඩ ඉතා අවම වී ඇති බවකි. අනුරට දකුනේ ප්‍රථමයා වීම් අවස්තාව හිමි වුවද 50% ක චන්ද ලබා ගැනීම ඉහල මට්ටම් අභියෝගයක් වන බවයි. රනිල්ට සුළු ජාතික චන්දය හරහා ලැබෙන වාසියෙන් පල ප්‍රයෝජනයක් ලබා ගැනීමට නම් සජිත් අභිබවා දකුනේ සිංහල චන්ද ලබා ගැනීමට කටයුතු කල යුතුව තිබේ.

ඒ කෙසේ වෙතත් අනුරට සිංහල චන්දයෙන් 66% ක් ගන්නට නොහැකි වුවහොත් අනාගත ජනාධිපතිවරයා මෙරට චන්ද දායකයන්ගේ දෙවන මනාපයෙන් පත් වන්නට ඇති ඉඩකඩ ඉතා ඉහල බවයි.

චන්දයක් යනු ප්‍රභුන් අතර සිදුවන බල පොරයකි. එය ක්‍රියාත්මක වන්නේ චන්ද දායකයාගේ මනෝ විද්‍යාව තුලය. දැනට මනෝ විද්‍යාවෙ නිල අල්ලමින් සිටින්නේ අනුර පමනක්මය.

(නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක

1 COMMENT

  1. 50% ලබාගත නොහැකිව, පලමු අපේක්ෂකයන් දෙදෙනා ලෙස අනුර 40%, සජිත් 35% ක් රනිල් 20% ක් ලබාගතහොත් පලමු අපේක්ෂකයන් දෙදෙනා අතර වෙනස 5%කි. 80% ප්‍රකාශිත පදනම අනුව 682,260කි. දෙවන මනාපයක් ගැන දැනුම, ප්‍රකාශ කිරීමට පෙළඹුම අනුව, ලක්ෂ 5කට වඩා දෙවන මනාප කිරීමක් නම් කිසිසේත් සිතාගත නොහැක. ඒ අනුව 50%ක් අවශ්‍ය නැත. පළමු වටයේදි 5%ක් පමන ඉදිරියෙන් සිටීම සහ පළමු දෙදෙනා අතර සිටීම පමණක් ප්‍රමාණවත් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here