ආහාර විෂ වීමෙන් පෞද්ගලික ආයතනයක සේවක සේවිකාවන් 43 දෙනකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.

මීගොඩ පොලිසිය පැවසුවේ පාදුක්ක වටරැක ප්‍රදේශයේ පිහිටි විදුලි උපකරණ නිෂ්පාදන ආයතනයකින් අද (04) පෙරවරුවේ මෙම  සිදුවීම වාර්තා වූ බවයි

එම පිරිස ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පවසනවා.

මේ පිරිස අතර කාන්තාවන් 25 දෙනෙකු හා පුරුෂයින් 18ක් වන බවත් ඔවුන් අවුරුදු 20 – 40 අතර වයසේ පසු වන්නන් බවයි වාර්තා වන්නේ.

අදාළ සේවක සේවිකාවන්ට ආයතනය තුළම ක්‍රියාත්මක ආපන ශාලාව මගින් උදෑසන ආහාරය ලබාදී තිබෙන බව පැවසෙනවා.

එම ආහාර ගැනීමෙන් අනතුරුව ටික වේලාවකට පසුවයි වමනය, ක්ලාන්තය සහ උදරයේ වේදනාව හටගෙන ඇති බව සඳහන්.

ඒ අනුව  අසාත්මිකතා හටගත් පිරිස රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here