ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය 50%කින් අවසන් කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා.

එම නිල ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාරදී ඇති බවයි සඳහන් වෙන්නේ.

නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඉදිරි සතිය ඇතුළත අවසන් කිරිමට සැලසුම් කර ඇති බව ද මුද්‍රණාලය පවසනවා.

මෙවර ජනාධිපතිවරණය සඳහා එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ 40,354 පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරිමට සුදුසුකම් ලබා සිටිනවා.

මේ අතර, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් හෙට (08) ක්‍රියාත්මක වනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හරිනු ඇති බවයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 30%ක් පමණ මේ වනවිට බෙදා අවසන් බව ද ඔහු ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here