ජාතික ජනබලවේගයේ වැල්ලවාය මැතිවරණ ආසනයේ වරුණගම මැතිවරණ කාර්යාලයට කිසියම් පිරිසක් පහර දී අලාභ හානි සිදු කර තිබේ.
එම ස්ථානයේ තිබූ දේපළ වලට හානි සිදු කරමින් පෝස්ටර් සහ කටවුට් ඉරා දමා මෙම ප්‍රහාරය සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද සිදු කර ඇත.
පහරදීමට සම්බන්ධ පුද්ගල්ලයන් සොයා වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විමර්ශන ආරම්භ කර ඇති අතර මේ වනතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.
(ජයන්ත වීරසේකර – වැල්ලවාය)