ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ පස්වරුවේ හමුවුණා.

ඒ යාපනය තෙලිප්පලෙයි පිහිටි සේනාධිරාජා මහතාගේ නිවසේදීයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජනාධිපතිවරණ ජන රැළි දෙකක් ඇමතීම සදහා පැමිණි අතරවාරයේදීයි මෙම හමුව සිදුවුණේ.

තම නිවසට පැමිණි ජනාධිපතිවරයා හින්දු ආගමික සාම්ප්‍රදානුකූලව මාවෙයි සේනාධිරාජා මහතා විසින් පිළිගනු ලැබුවා.

මාවෙයි සේනාධිරාජා මහතා කළ පෞද්ගලික ආරාධනයකට අනුවයි මෙම හමුවීම සිදුවුණේ. ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එහිදී දෙදෙනා සාකච්ඡා කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here