යාපනයේ වඩුක්කෝඩෙයි පොලිසියේ සේවය කළ පොලිස් නිලධාරියෙකු පොලීසිය තුළම මිය ගොස් ඊයේ (31) බිම ඇඳ වැටී තිබෙනවා.

හදිසියේ එක්වරම බිම ඇද වැටුණු එම නිලධාරියාගේ කටෙන් රුධිරය වහනය වීමට පටන් ගෙන ඇති අතර ඔහුව යාපනය ශික්ෂණ රෝහලට රෝහලට ඇතුළත් කරණ විටත් මිය ගොස් සිටි බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ, බදුල්ල භාරතී පාරේ පදිංචි වඩුක්කෝඩෙයි පොලිසියේ සේවය කළ පෙරියසාමි දිවාකරන් නැමති 26 හැවිරිදි පොලිස් නිලධාරියෙක්.

ඔහු මිය යන්නට ඇත්තේ හෘදයාබාධයක් වැළදීමෙන් බවට සැක කෙරෙන අතර, ඔහුගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යොමු කොට ඇති අතර වඩුක්කොඩෙයි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here