මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ භූමියේ දී පෙරේදා (09) පැවැති සමගි ජන සන්ධාන රැස්වීම අතරතුර රතිඤ්ඤා පත්තුකර පොලිස් නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ පොලිසිය සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා අම්පිටිය හා පොල්ගොල්ල ප්‍රදේශ වල පදිංචිකරවෝ වෙති.රතිඤ්ඤා දැල්වීම සිදුකර තිබෙන්නේ මධ්‍යම වෙළෙඳ පොළ භූමියට යාබදව ඇති කුරුලු උයනේය.

මුලින්  දැල් වූ රතිඤ්ඤා වැලක ගිනි පුපුරු පසුව පත්තු කිරිමට නියමිතව තිබූ රතිඤ්ඤා තොගයක් මතට වැටීමෙන් පසු ඒවා පුපුරා යෑමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලීසිය පවසයි.

තුවාල ලැබූ පොලිස් නිලධාරින් හය දෙනාගෙන් සහ සිද්ධිය සියැසින් දුටු සිවිල් වැසියෙකු ගේ සාක්කි මත අදාළ සැකකරුවන් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.සිද්ධිය වූ ස්ථානයේ තිබී පොලිස් හිස් වැසුම් 06 ක් සහ පුපුරා නොගිය රතිඤ්ඤා කරල් 130 ක් සමඟ තුන් හුලස් රතිඤ්ඤා 05 ක් පොලීසිය භාරයට ගෙන ඇත.

(කමල් සුරවීර- මහනුවර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here