සයිනොපෙක් සමාගමේ ඉන්ධන මිල ගණන්ද වෙනස් කර තිබෙනවා.
වෙනස් කෙරුණු සිපෙට්කෝ ඉන්ධන මිලට සයිනොපෙක් සමාගමේ ඉන්ධන මිලද සමාන කර තිබෙනවා.
ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 332 ක් ලෙස සටහන් වුණා.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 377ක්.
සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 307 ක් එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් පහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 352 ක් භූමිතෙල් මිල මෙවරද සංශෝධනය වී නොමැති අතර, එහි පැවති මිල ලෙස ලීටරයක මිල රුපියල් 202ක් ලෙස පවතිනවා.