බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් වත්ත ඉහල කොටසේ පදිංචි අවු 13 ක වයසැති පාසල් වියේ පසුවන තම දියණිය දුෂණයට ලක් කල 44 හැවිරිදි පියෙකු (06) දින සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.

දුෂණයට ලක් වුවේ යැයි කියන සිසුවියගේ මව කොළඹ ප්‍රදේශයේ නිවසක ගෘහසේවයේ නිරත වන බවත්, ඇය නිවාඩුවට නිවසට පැමිණි අවස්තාවේ දියණිය විසින් ඒ පිලිබදව මව වෙත පවසා ඇත.

ඒ අනුව මව විසින් බගවන්තලාව පොලිසියට සිදු කල පැමිණිල්ල මත සැකකාර පියා අත්අඩංගුවට ගෙන දුෂණයට ලක් වු පාසල් සිසුවිය දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කල බව පොලිසිය පැවසිය.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලිසිය පැවසිය.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here