ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක පාර්ලිමේන්තු මැති ඇමතිවරු ඇතුළු පක්ෂ, කණ්ඩායම් මෙන්ම දේශපාලන ක්‍රියාකාරීන් එක්ව ලබන 05 දින ස්ථාපිත කිරීමට නියමිත මෙරට දැවැන්තතම නව දේශපාලන සංධානය පිළිබඳ මල්වතු අස්ගිරි නාහිමිවරු දැනුවත් කිරීම ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් 02 දින සිදු කරන ලදී.
නාහිමිවරු බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකළ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙම දැවැන්ත සංධානය ඉදිරි 05 දින කොළඹ වෝටර්ස් ඒජ් හෝටල් සංකීර්ණයේදී එළි දකින බවත් එහි සභාපති වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා ලේකම් වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහත්වරු කටයුතු කරන අතර අනෙකුත් තනතුරු සඳහා නිලධාරීන් පත්කිරීම එදින සිදුවන බවත්ය.
මෙහිදී මෙහිදී අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය, මෙතෙක් බිහිවූ දැවැන්ත දේශපාලන සන්ධානය මෙය වශයෙන් හඳුන්වන්න පුළුවන්. පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ටිරාන් අලස්, අසංක නවරත්න, නිමල් ලන්සා, පිල්ලෙයාන්, ඩග්ලස් දේවානන්ද වැනි ප්‍රවීණ දේශපාලඥයන්ගේ පක්ෂ මේ සඳහා එක් වෙනවා. ඊට අමතරව රිසාඩ් බදුර්දීන්ගෙ වගේම තවත් මුස්ලිම් හා දමිළ පක්ෂවල සාමාජිකයෝ හා විවිධ දේශපාලන කණ්ඩායම් රැසක් අප සමග එක්වෙනවා.
විශේෂයෙන් අපි මේ සන්ධානය ආරම්භ කරන්නේ අපේ සංවිධාන කටයුතු පහසු කර ගැනීම සඳහායි. ජනාධිපතිතුමාට සහාය දීම හේතුවෙන් අපේ පක්ෂවල කිසිවෙකු හෝ සංවිධායක ධූරවලින් ඉවත් කළහොත් ඔවුනට දේශපාලනය කිරීම සඳහා කඳවුරක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා තමයි මේ සන්ධානය බිහිවන්නේ. බැරි වෙලාවත් මම අයින් කලත් මට දේශපාලනය කරන්න අවස්ථාවක් තියෙන්න ඕනේ. ඒ නිසයි අපි මේ සන්ධානය බිහි කරන්නෙ. මේක ඉතාමත් ශක්තිමත් සන්ධානයක්. එක්වන සෑම පක්ෂයකම ප්‍රබලයෝ බහුතරයක් අපි එක්ක ඉන්නවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා අපි හැකි සෑම පියවරක්ම ගන්නවා. එතුමාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් අපිට කිසිම සැකයක් නෑ. එතුමා දැනටම ජයග්‍රහණය කරලා ඉන්නේ. බංකොලොත් භාවයට පත් වූ මේ රට යම් ආර්ථික ස්ථාවරයකට ගෙන ආ එතුමාට තව අවුරුදු පහක් මේ රට කරගෙන යෑමට අවස්ථාව ලබාදීම තමයි අපේ උත්සාහය. ඉන්පසු අපේ දේශපාලන කටයුතු දිහා අපිට බලන්න පුළුවන්. සියල්ලට ප්‍රථම රට ගැන සිටිය යුතුයි.
මෙතෙක් අපි කළේ අපේ පක්ෂය විසින් නම් කළ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය උදෙසා කටයුතු කිරීම පමණයි. නමුත් දැන් ඊට එහා අපි සිතිය යුතුයි. අපි ජයග්‍රහණය කරවන පුද්ගලයා 22 දින සිට මේ රට භාර ගැනීමට හැකියාවක් ඇති පුද්ගලයෙක්ද කියලා හිතන්න ඕනේ. අපි මීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙනල්ල පාඩමක් ඉගෙන ගත්තා. මේ වෙලාවේ රට කරවන්න, රට ඉදිරියට ගෙනියන්න පුළුවන් අත්දැකීම් ඇති ජාත්‍යන්තරය පිළිගන්නා එකම පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහයි. එතුමාගේ ජයග්‍රහණය උදෙසා අපි සියලුම දෙනා සහයෝගය ලබා දිය යුතුයි. රටේ ආර්ථිකය සවිමත් වූ පසු අපිට අපේ දේශපාලනය කරන්න පුළුවන්.
මහින්ද රාජපක්ෂ මහතාගේ සැලුන් දොර අපිට වැහුනත් එතුමාගේ හදවතේ දොර අපිට වැහෙන්නේ නෑ. එතුමා හැමදාමත් අපේ හදවතේ ඉන්නවා. අපේ හිත්වල එතුමාට ඇති ආදරය ගෞරවය වෙනස් වෙන්නේ නෑ. මේ අවස්ථාවේ පාට, පක්ෂ, පුද්ගල සියලු භේද අමතක කොට රට ගැන සිතා කටයුතු කළ යුතුයි. අපිට දේශපාලනය කරන්නත් රටක් ඉතිරි විය යුතුයි. ඉන් පස්සේ අපිට අපේ ගමන යන්න පුළුවන්.
( මහනුවර- කමල් සුරවීර)
1990 Effect of tamoxifen on serum insulin like growth factor I levels in stage I breast cancer patients buying generic cytotec without prescription karela tylenol cold and sinus Wendy, who had a triple heart bypass 15 years ago, visited Dr Helen Phillips, a BHF Research Fellow, who is studying a damaging process involved in the development of heart failure where the heart is less able to pump
priligy tablets over the counter Ferraris C, et al