රුපියල් හත් කෝටි තුන් ලක්ෂ හැට හතර දහසක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සිය ගමන් මල්ලේ , සහල් ඇසුරුමක් තුළ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කර ඇත්තේ.
මොහු ගොතටුව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කුකුළු ගොවිපළක් පවත්වා ගෙන යමින් සිටින ව්‍යාපාරිකයෙක්.
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 47 දරන ගුවන් යානයෙන් මොහු පැමිණ තිබුණා.
අත් අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.