දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (30) පස්වරු 4.30 ට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය දීපාවලී උත්සවය හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අද (31) දිනයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, ආසන වෙන් කිරීම හා පාර්සල් භාර ගැනීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවයි එම සංගමය සඳහන් කළේ.

සිය ගැටලු සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම් දීපාවලී උත්සවයෙන් පසු යළිත් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමු වීමට කටයුතු කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here