සංචාරක එංගලන්තය සමඟ පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට සත්කාරක පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.
ඒ, දෙරට අතර පැවැති තෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 09ක් ජයගැනීමත් සමඟින්.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 267ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස පාකිස්ථානය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 344ක්.
පාකිස්ථාන පළමු ඉනිමට ලකුණු 77ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්ත කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 112ක් පමණයි.
ඒ අනුව පාකිස්ථාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 35ක්.
ඔවුන් එක් කඩුල්ලක් පමණක් දැවි තරගයේ ජය වාර්තා කළා.
Well done Pakistan. Way to show your determination.