හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි නඩුවක්  පෙබරවාරි මස 28 වන දා තෙක් කල් තැබුවා. ඒ කොළඹ මහාධිකරණය මගිනුයි.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා පුද්ගලයෙකු අනතුරට ලක් කිරීම පාඨලී චම්පික රණවක මහතාට එරෙහි චෝදනාවයි.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිකාර රණවක මහතා අධිකරණයේ පෙනී සිටියා.

ඔහු වෙනුවෙන් නීතීඥ අමරසිරි පණ්ඩිතරත්න මහතා කරුණු දැක්වුවා.

නීතිඥවරයා පැවසුවේ මෙම නඩුවේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව නඩුව කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහු කළ ඉල්ලීමට අනුවයි එය කල්තැබීම සිදුකෙරුණේ.

2 COMMENTS

  1. Hello there! Do you know if they make any plugins to assist with
    SEO? I’m trying to get my site to rank for some targeted keywords but I’m not seeing very good success.

    If you know of any please share. Many thanks!
    You can read similar art here: Coaching

  2. Hi there! Do you know if they make any plugins to help
    with Search Engine Optimization? I’m trying to get my blog to
    rank for some targeted keywords but I’m not seeing very good success.

    If you know of any please share. Appreciate it!
    You can read similar art here: Wool product

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here