හිටපු ජනාධිපතිවරයා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට ලබාදී තිබූ වාහන 107 ක් පසුගිය දින කිහිපය තුළ කළ දැනුම්දීම් අනුව ජනාධිපති කාර්යාලයට ආපසු භාරදී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (30) නිවේදනය කළා.
ජනාධිපති මාධ්‍ය අංශය මෙම නිවේදනය නිකුත් කර තිබුණේ, වාහන සහ ඒවා භාවිත කළ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ ද තොරතුරු ඇතුළත් වාර්තාවක් ද සමගයි.
එම වාර්තාවට අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරියක ලෙස පත්කර සිටි හිටපු කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මියට මෙම porsche cayenne S වර්ගයේ අධි සුඛෝපභෝගී මෝටර් රථය ලබාදී තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ වාර්තාවෙන් අනාවරණය වුණා.
කෙසේ වෙතත්, රෝසි සේනනායක මහත්මියට ලබාදී තිබූ රථය පිළිබඳව වැඩිදුර තොරතුරු ජනාධිපති මාධ්‍ය අංශය අනාවරණය කර නොමැති බවයි වාර්තා වන්නේ.
2012 වසරේ නිෂ්පාදනය කළ මේ වර්ගයේ මෝටර් රථයක් මෙරට වෙළෙඳපොළේ අලෙවි වන මිල දල වශයෙන් රුපියල් ලක්ෂ 210 ඉක්මවනු ලබන අතර, 2022 වසරේ නිෂ්පාදනය කළ මේ වර්ගයේ මෝටර් රථයක් මෙරට වෙළෙඳපොළේ රුපියල් ලක්ෂ 320 කට අධික වනවා.