සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 35යි පන්දු 6ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 189ක් රැස් කළා.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පන්දුවට පහර දීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළ අතර අයහපත් කාළගුණයෙන් නිසා එක් ඉනිමක් පන්දුවාර 44කට සීමා කිරීමෙන් අනතුරුවයි තරගය ආරම්භ කළේ.