ආරුගම් බේ ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මාලදිවයින් ජාතිකයෙකු ඇතුළු 06 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අදාළ සැකකරුවන් මේ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රදවා ගෙන ප්‍රශ්න කෙරෙනවා.

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සිය පුරවැසියන්ට දැනුම් දෙමින් ශ්‍රී ලංකාවේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කළා.

ඒ,  ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර යම්කිසි ප්‍රහාරයක් සැලසුම් කර ඇති බවට විශ්වසනීය තොරතුරු තානාපති කාර්යාලයට ලැබී ඇති බව පවසමින්.

මහජන ආරක්ෂක අමාත්‍ය විජිත් හේරත් ඔක්තොම්බර් 24 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ ආරුගම්බේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here