මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) සිට ආරම්භ වේ.

ඒ අනුව අද දිනයේ සිට දෙසැම්බර් 20 වන දින දක්වා දින 22ක කාලයක් විභාගය පැවැත්වීමට නියමිතය.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 333,185කු පෙනී සිටියි.

මේ අතර උදෑසන 8.30ට විභාගය ආරම්භ වීමට නියමිත අතර ඊට ප්‍රථම වලංගු හැඳුනුම්පතක් ද රැගෙන විභාග මධ්‍යස්ථාන වෙත යන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here