සංචාරක එංගලන්තය පරාජයට පත් කරමින් එක්දින තරගාවලි ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව්වන් ඊයේ (06) සමත් වුණා.

දෙරට අතර පැවති තරග 03කින් සමන්විත අවසන් සහ තුන්වැනි එක්දින තරගයෙන් කඩුලු 08ක විශිෂ්ට ජයක් කොදෙව්වන් තමන් සතු කරගත්තේ තරගාවලිය 2-1ක් ලෙස ජය ගනිමින්.

තුන්වන තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුව පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා කළා.

ඒ අනුව එංගලන්තය සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 263ක් ලබා ගත්තා.

ජයග්‍රහණයට සඳහා ලකුණු 264ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 43ක් අවසානයේ කඩුළු දෙකක් දැවී ජය වාර්තා කලා.

කොදෙව් ආරම්භක පිතිකරු බ්‍රැන්ඩන් කින්ග් විශිෂ්ට ශතකයක් ලබා දැවී ගියේ ලකුණු 102කටයි.

කීසි කාටි නොදැවී ලකුණු 128ක් ලබා ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here