ගෑස් හිඟයට ඉදිරි දින කිහිපයේ විසඳුම් ලබාදෙන බව ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය මහතා පවසයි.
ඊයේ (25) දිනයේ ගෑස් නැව් 02ක් හම්බන්තොට වරායට පැමිණි බවයි ඔහු සඳහන් කළේ.
ඒ අනුව අද සිට ගෑස් තොග වෙළෙඳපොළට නිකුත් කරන බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
පසුගිය සති කිහිපයේ සිට වෙළෙඳපොළේ ලාෆ් ගෑස් හිඟයක් පවතිය.
නැව්වලට ගෑස් පැටවීමේදි ඇති වූ ගැටලුවක් හේතුවෙන් එම ගෑස් හිඟයක් හටගත් බව වෑගපිටිය මහතා ප්‍රකාශ කළේ ය.