පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අද( 12) සහ හෙට(13) යන දෙදින තුළ විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බවයි එහි සභාපති රමල් සිරිවර්ධන සඳහන් කළේ.
එමෙන්ම දිනපතා ක්‍රියාත්මක දුම්රිය ගමන්වාර වලට අමතරව මැතිවරණය සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් දුම්රිය සඳහා අතිරේක මැදිරි යොදවා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොළ ප්‍රකාශ කර සිටිනවා.
ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරන්නේ , ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ මැතිවරණ සේවා වෙනුවෙන් යොදා ගැනීම නිසා හෙට(13) දින මගී තදබදයක්ද ඇතිවිය හැකි බවයි ගැමුණු විජේරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියේ .
You are my aspiration, I possess few blogs and very sporadically run out from to post .