මැතිවරණ නිති උල්ලංඝනය කරමින් ලිදුල නගරයේ මනාප අංක සහිත පොස්ටර් අලවමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු ලිදුල පොලිසිය විසින් ඉකුත් (10) දින අත්අඩංගුවට ගෙන (12) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාංගනි මෙනවිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් වරද පිලිගත් නිසා චුදිතයෙකුට රු ලක්ෂ දෙක බැගින් චුදිතයන් සිව්දෙනාට රුපියල් ලක්ෂ අටක දඩ මුදලක් ගෙවන ලෙසට සහ දඩ මුදල් ගෙවිමෙන් අනතුරුව සැකකරුවන් නිදහස් කරන ලෙසට නියෝග කෙරිණ.
මෙසේ දඩ මුදල් ගෙවන ලෙසට නියෝග කරනු ලැබුවේ ලිදුල පොලිස් වසමට අයත් මටුකැලේ වතුයායේ පදිංචිකරුවන් සිව්දෙනෙකුටය.ප්‍රජාතන්ත්‍රවාදි ජනතා හඩ පක්ෂයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂිකාවකගේ මනාප අංක සහිතව අලවා තිබු පොස්ටර් වල මුද්‍රණ ආයතනයක් හෝ අයෙකුගේ නාමයක් සදහන් නොකිරිම නිසා සැකකරුවන් සිව්දෙනා ලිදුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
(හැටන් රංජිත් රාජපක්ෂ )
Your style is so unique compared to many other people. Thank you for publishing when you have the opportunity,Guess I will just make this bookmarked.2