විසඳුම් නොලැබෙන්නේ නම් දීපවාලි උත්සවය හේතුවෙන් අත්හිට වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය යළි හෙට (02) දිනය තුළ ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.
අද (01) දිනයේ දී සිය වෘත්තීය ක්‍රියාමාර්ගය නොපැවැත්වෙන බවයි එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ.
බඳවා ගැනීම් හා උසස් වීම් ක්‍රියා පටිපාටිය විධිමත් කිරීම සහ වැටුප් විෂමතා නිවැරදි කිරීම ඇතුළු ඉල්ලීම් වලට විසදුම් ඉල්ලා පසුගියදා 30 වනදා දියත් කළ වර්ජනය එදින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණා.