නතර කර තිබු ලොරි රථයක් ගැබිණි කාන්තාවක් සමග මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිණි කාන්තාව තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ (05) දින දහවල් 12 ට පමණ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය මුලික රෝහල ආසන්නයේදිය.

ගැබිණි කාන්තාව සායන කටයුතු සදහා ලොරි රථයෙන් ඇයගේ සැමියා විසින් රෝහල වෙත රැගෙනවිත් සායන කටයුතු අවසන් විමෙන් පසු ලොරි රථය නතර කර තිබු ස්ථානයට ගොස් ගැබිණි කාන්තාව ලොරි රථයේ අසුන් ගැනිමත් සමග ලොරි රථය රියදුරු නොමැතිව ඉදිරියට ධාවනය වි මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලි ඇති බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.

රියදුරු ලොරි රථයේ අත් තිරිංගය ක්‍රියා නොකිරිම නිසා මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.

1 COMMENT

  1. For each document d, weights П‰ dt 0 indicate the occurrence probability of terms from topic t, where the sum of П‰ dt over all topics t yields 1 K t 1 П‰ dt 1 buy priligy pills Your surgeon will discuss these possible methods with you before your surgery, and together you will determine which approach best suits your needs

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here