ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත සහ යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, මාවනැල්ල, දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇහැළියගොඩ, ඇලපාත, කුරුවිට, කහවත්ත, ගොඩකවෙල, පැල්මඩුල්ල යන ප්‍රාදේශිය ලෙකම් කොට්ඨාස වෙත අදියර දෙක යටතේ ‘අවදානයෙන් සිටින්න’ ලෙස නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ සහ හල්දුම්මුල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල සහ යටියන්තොට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ අකුරැස්ස, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, අයගම, බලංගොඩ, ඉඹුල්පේ, ඕපනායක, කිරිඇල්ල සහ කලවාන යන ප්‍රදේශවලට අදියර එක යටතේ, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවනවා.
එමෙන්ම කඳු ආශ්‍රිතව යම් ප්‍රමාණයක වර්ෂාපතනයක් ලැබෙන බැවින් කඳු ආශ්‍රිතව ජීවත් වන ජනතාව අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථානයක් කරා ගමන් කරන ලෙසත් එම සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.