අද (14) උදෑසන ආදිවාසී උප නායක ගුණබන්ඩියලා ඇත්තන් ඇතුළු පවුලේ පිරිස, දඹාන ආදිවාසී ගම්මානයේ දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය අවස්ථාවේදී ඡන්දයේ දීමෙන් වැළකී නැවත හැරී පැමිණි සිදුවීමක් වාර්තා වී ඇත.
ඊට හේතු වී ඇත්තේ ආදිවාසී සංස්කෘතියේ අනන්‍යතාවය වන “පොරව“ කරමත තබා ගනිමින් ජන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථාණයට පැමිණි බව පවසමින්, මධ්‍යස්ථාන භාරකාර නිලධාරිතුමන් ආදිවාසී උපනායකතුමන්හට ජන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා නොදීමයි.
ඒ හේතුවෙන් උප නායකතුමන් ඇතුළු පවුලේ සැම ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී නැවත හැරී ගොස් ඇති අතර මධ්‍යස්ථාන භාරකාර නිලධාරීතුමන් නැවත උපනායකතුමන් ඇතුළු පවුලේ පිරිසට පොරව රැගෙන යාමට අවසර ලබා දීම නිසා ඔවුන් ඡන්දය ප්‍රකාශ කර තිබේ.
කෙසේවෙතත්, ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම සිද්ධිය පිළිබඳව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් ආදිවාසී උප නායකතුමා කියා සිටියේ ආදිවාසීන්ගේ අයිතිවාසිකම් හා ආදිවාසී සංස්කෘතිය පිළිබඳ නොදන්නා නිලධාරීන් මෙවන් ස්ථානවල ජන්ද රාජකාරී සඳහා මධ්‍යස්ථාන වලට දැමිමෙන් වැළකී සිටින ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.
මෙම සිදුවිම සම්බන්ධයෙන් දැඩි ලෙස අප්‍රසාදය පළ කර සිටින බව ආදිවාසි නායකවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.