ලංගම බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව හැටන් පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ (12) දින පස්වරු 2 ට පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්තැඩන් වත්ත ප්‍රදේශයේදිය.

හැටන් සිට කොළඹ දක්වා ධාවනය වු ලංගම බස් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ගිනිගත්හේන සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු වෑන් රථයට ඉදිරියෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සර කිරිමට උත්සහ කිරිමේදි වෑන් රථයේ වේගය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇත.

අනතුරෙන් ලංගම බස් රථයට සහ වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර අනතුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

(හැටන් රංජිත් රාජපක්ෂ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here