උතුරු පකිස්ථානයේ කඳුකර Gilgit-Baltistan ප්‍රදේශයේ මංගල සාදයක පිරිසක් රැගත් බස් රථයක් ඉන්දු ගඟට පෙරලීමෙන් අලුත විවාහ වූ යුවළක් ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක් මගියෙක් තුවාල සහිතව දිවි ගලවා ගත් අතර ගඟේ සීඝ්‍ර ධාරාව සහ හිමාංකය හේතුවෙන් අතුරුදන් වූවන් සියල්ලෝම මිය ගොස් ඇතැයි අනුමාන කරන බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන්නේ.

අධික වේගය හේතුවෙන් රියදුරුට පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි සඳහන් වන්නේ.

ගලවා ගැනීමේ සේවකයින් විසින් මළ සිරුරු 13ක් සොයා ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here