බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මෙන් ම හිටපු එරට අගමැතිනි ශීක් හසීනාගේ රජය යටතේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ශකීබ් අල් හසන්ගේ සියලුම බැංකු ගිණුම් අත්අඩංගුවට ගැනීමට නියෝග හිමි ව තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ බංග්ලාදේශ මූල්‍ය බුද්ධි අංශය (BFIU) විසින් ශකීබ් සතු සියලුම ගිණුම් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

බංග්ලාදේශ බැංකු ප්‍රකාශක Husne Ara Shikha විසින් එරට මාධ්‍ය වෙත ඊයේ (06) දිනයේ දී මෙම කරුණු අනාවරණය කළා.

මීට පෙර ද එනම් ඔක්තෝබර් 02 වැනි දා BFIU විසින් ශකීබ් සහ, ඔහුගේ බිරිඳ Umme Ahmed Shishir සහ ඔහුට අයත් ව්‍යාපාරික ආයතනවල සියලුම බැංකු ගිණුම් තොරතුරු ඉල්ලා සිටියේ, කොටස් වෙළඳපොළ හැසිරවීම් සහ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයක කොටසක් ලෙසයි.

එම පරීක්ෂණයෙන් පසුවයි රජයේ උපදෙස් මත මෙම තීරණය ගෙන තිබෙන්නේ.

ෂකීබ් මේ වන විට සිය පවුලේ අය සමඟ අමෙරිකාවේ ජීවත් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here