Update: බදුල්ල දුන්හිඳ මාර්ගයේ සිදුවූ බස්රථ අනතුරින් මියගිය ගණන තිදෙනෙක් දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ අතරින් දෙදෙනෙක් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයට අයත් සිසුවියන් බවයි වාර්තා වෙන්නේ.

අද (01) උදෑසන 7.45ට  පමණ බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතර (දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින්) පිහිටි  මාර්ගයේ සිසුන් ගමන් ගත් බස්‍ රථය පෙරළීගොස් මෙම අනතුර සිදුව තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ ක්ෂේත්‍ර චාරිකාවක නිරතව සිටි සිසුන් පිරිසක් ඇතුළු 41 දෙනෙකු පිරිසක් බස් රථය ඇතුළත රැඳී සිට තිබෙනවා.

එම අනතුරෙන් සිසුන් 35 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here