මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් අද සිට ලබන 30 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ භාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන්ට පෞද්ගලිකව ද අයදුම්පත්‍ර ඉදිරිපත් කළ හැකි බවයි.

ඊට අදාළ උපදෙස් සහ අයදුම්පත විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගැනීමට හැකියාව තිබෙනවා.

එමෙන්ම, අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගන්නා ලෙසත් කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ නොකරන බවත් විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

1 COMMENT

  1. This activity reviews the pathophysiology, evaluation, and treatment of abnormal uterine bleeding associated with ovulatory dysfunction AUB- O and highlights the role of the interprofessional team in properly managing patients with this condition priligy for pe 2003; 2 362 362 9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here