ශ්‍රී ලංකා – නවසීලන්ත තරග දෙකකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (09) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
නවසීලන්තයට එරෙහිව අවසන් වරට සහභාගි වූ පන්දුවාර 20 තරගාවලි හතරම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වී තිබෙනවා.
2013 වසරෙන් පසු වසර 11කින් නවසීලන්තයට එරෙහිව නොලඳ පන්දුවාර 20 තරගාවලි ජය සොයා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට සිට තරග බිමට පිවිසෙනු ඇති.
දෙරට අතර මේ දක්වා පන්දුවාර 20 තරග 23ක් පවත්වා තිබෙන අතර ඉන් තරග 13ක් නවසීලන්තය ජය ගනිද්දී, තරග 9ක ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි ව තිබෙන අතර එක් තරගයක් නිමා වුණේ ජයපරාජයෙන් තොරයි.
දෙරට අතර පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය හෙට රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතයි.